FAST NEWS

24×7 Around the Globe

තිස්ස අත්තනායක නැවතත් එජාපයට.දියණිය ගැන තීන්දුවක්?

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා නව දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග කියාසිටියේ තිස්ස අත්තනායක මහතා ඉකුත්දා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ද මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේදී මෙම දේශපාලන තීන්දුව ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

තිස්ස අත්තනායක මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයේදී අවසන් දින කිහිපයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කළා. ඒ අනුව ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළේ.

තමන් තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙකු බවත්. මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කළද තමන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබානොගත් බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතික පක්‍ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් සහ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සබදතාව මේ වන විට බිදී ගොස් තිබෙන බවත් . එම සබදතා යළි ශක්තිමත් කළ යුතු බවයි තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර ඇත.එමෙන්ම මෑතකදී මහත් ආන්දෝලනයට පත් තිස්ස අත්තනායක මහතාගේ දියණිය එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ කිරීමේ උත්සහයක් පිළිබදවද ඔහුගේ පවුලේ සමීප ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වී ඇත.