බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සිය පස්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සකීබ් අල්හසන්ගේ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.
ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වුණේ කුමාර් සංගක්කාරගේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමයි.
මෙවර තරගාවලියේ තරග 7කට කී‍්‍රඩා කළ සංගක්කාරගේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම තරග 3ක් ජය ගෙන තරග 4ක් පරාජයට පත්වුණා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 135ක් රැස් කළා.
කුමාර් සංගක්කාර පන්දු 23කදී හයේ පහර දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 29ක්.
ලකුණු 136ක ඉලක්කයක් හඹාගිය රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.






