FAST NEWS

24×7 Around the Globe

ත්‍රිවිධ හමුදාවේ සියලු තනතුරු සදහා කාන්තාවන්ටත් දැන් අවස්ථාව.

ඇමරිකා එක්සත් ජනපද ත්‍රිවිධ හමුදාවේ සියලු තනතුරු සදහා කාන්තාවන්ට ද ඉල්ලුම් කළහැකි බව එරට ආරක්ෂක ලේකම් ඇස්ටන් කාටර් ප්‍රකාශ කළා.

දශක කිහිපයක් පුරා පිරිමින් සදහා පමණක් ඇතැම් නිලතල වෙන්ව පැවති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කාන්තා සෙබළියන් මැදපෙරදිග සටන් බිමේ ද සේවය කරනවා. ඕනෑම අභියෝගයකට මුහුණදීම සදහා ඔවුන් සූදානම් බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ. එවැනි තත්ත්වයක් තුල ඔවුන්ට ද සියලු අවස්ථා හිමිවිය යුතු බවයි ඔහුගේ අදහස.