FAST NEWS

24×7 Around the Globe

ඒඞ්ස් පරීක්ෂණය කරන තුරු යහනට ඒම තහනම් කල බිරිද.

පසුගිය දෙසැම්බර් පළමු වෙනි දින ලෝක ඒඞ්ස් දිනය සැමරුණ අවස්ථාවේ විවිධ මාධ්‍ය මගින් ජනතාව එම රෝගය ගැන දැනුවත් කර තිබුණි.
මෙම තොරතුරු නිසා ඉන්දියාවේ ගමක සිදුවූ ඇබැද්දියක් ගැන අන්තර්ජාලයේ තොරතුරු වාර්තා වනවා.
දීපවාලී උත්සවය ඉන්දියාවේ ඉතා ඉහලින් සමරනු ලැබේ. සෑම වසරකම දීපවාලී උත්සවය කාලයේ තදාසන්න නගරයන් හි රැකියාවේ නියතුවන පුද්ගලයන් තම උපන් ගම්බිම් කරා ගමන් කිරීම සිදුවේ.
ඉන්දියාවේ Udaisarai නම් ගමේ ජීවත්වන Anita ගේ ස්වාමිපුරුෂයා මුම්බායේ සිටි නිවසට පැමිණ තිබුනේ දීපවාලී උත්සවය සැමරීම සදහායි. නමුත් නිවසට පැමිණි තම ස්වාමියාට Anita ගේ නිදියහනට ඒමට අවසර ලැබී නැත.
එයට හේතුව ලෙස ඇය තම ස්වාමිපුරුෂයාට දන්වා ඇත්තේ ඔහු විසින් රුධිර පරීක්ෂණයක් සිදුකල යුතුබවත් එසේ සිදුනොකරණ තුරු ස්වාමිපුරුෂයාට නිදියහනට ඒමට අවසර නොලැබෙන බවත්ය.
ඇය මෙම පාඩම ඉගෙන ගත්තේ ඒඞ්ස් දැනුවත්කිරීමේ වැඩසටහනින් බවද පෙන්වාදී ඇත.