FAST NEWS

24×7 Around the Globe

අයවැය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීට හෘදයාබාධයක්.

පාර්ලිමේන්තුවේදී හදිසියේ අසනීප වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොනරාගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ඊයේ (03දා)සවස 3.45ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මන්ත‍්‍රිවරයාගේ පපුවේ දැවිල්ලක් හටගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යවා ඊ.සී.ජී. වාර්තාවක් ගෙන්වාගෙන තිබේ. එම වාර්තාවේ තත්ත්වය හොඳ මදි නිසා මන්ත‍්‍රිවරයාට වහාම රෝහල්ගත වෙන ලෙස පාර්ලිමේන්තුවේ වෛද්‍යවරයා විසින් දැනුම්දෙන ලදී. මේ අනුව ගුණසේකර මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේ ගිලන් රථයෙන් කොළඹ ජාතික රෝහලට ගෙනගොස් ඇත.
මීට පෙර මොනරාගලදී අසනීප වූ ගුණසේකර මහතා මොනරාගල සිට ප‍්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කොළඹට ගෙන ඒමට කටයුතු කරන ලදී.