FAST NEWS

24×7 Around the Globe

සීකුගේ කණ්ඩායම තිසරගේ කණ්ඩායම ලූවිස් න්‍යායෙන් පරාජයට පත් කරයි.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගය වූ රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායම සහ බරිසාල් බුල්ස් කණ්ඩායම අතර චිතගොංහි සහුර් අහමඞ් චෞද්‍රි කී‍්‍රඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට බරිසාල් බුල්ස් කණ්ඩායම සමත් විය.

ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා බරිසාල් බුල්ස් කණ්ඩායමට  ඕවර 13 කදී ලකුණු 75 ක ඉලක්කයක් හිමිවූ අතර පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් දැවී ඔවුහු එම ඉලක්කය පසුකර ගියහ.

බරිසාල් බුල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස්කළ නායක මහමදුල්ලා සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

එහිදී පන්දු 19 කින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු රොනී තලූක්දාර් සමත් විය.

පන්දු 10 කදී හතරේ පහරක් සමගින් ලකුණු 9 ක් ලබා සිටි තිසර පෙරේරා, සීක්කුගේ ප‍්‍රසන්නගේ පන්දුවක් හමුවේ මෙහෙදි මුෂාරෆ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පෙර දවාගැනීමට බරිසාල් බුල්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අල් අමීන් හුසේන්  ඕවර 4 ක් යවා ලකුණු 30 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජහුරුල් ඉස්ලාම් පන්දු 32 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 104
(ජහුරුල් ඉස්ලාම් 24, මිස්බා උල් හක් 22, අල් අමීන් 17, වහබ් රියාස් 12, අල් අමීන් හුසේන් 30/3, මොහොමඞ් සාමි 16/2, රයද් එම්රිට් 18/2, සීක්කුගේ ප‍්‍රසන්න 17/1)

බරිසාල් බුල්ස් කණ්ඩායම –  ඕවර 12.3 කදී කඩුලූ 4 ක් දැවී 75
(රොනී තලූක්දාර් 23, මහමදුල්ලා නොදැවී 23, නදීෆ් චෞද්‍රි 16, අර්ෆත් සනී 11/2)