FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට නොපැමිණි හේතුව මෙන්න.

අය-වැය දෙවැනි වර ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම කාගේත් කතාබහට ලක්විය.

ඡන්දය විමසූ අවස්ථාවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් වන විට සභාවෙන් දැඩි ඝෝෂාවක් මතුවිය.
ඊයේ දින විවාහ උත්සව දෙකකට අත්සන් තැබීමට තිබු නිසා නොපැමිණි බවයි ඔහුගේ සමීප ආරංචි මාර්ග පවසන්නේ.

එසේම හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ රාජපක්‍ෂ මහතාගේ නොපැමිණීම නොව, හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විනාඩි 05ක හෝ කතාවක් කිරීමට ඉඩ ලබා නුදුන්නේ ඇයිද යන්න වග සොයා බැලිය යුතු බවයි.