මෙවර අයවැයේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඡන්දය මගහැරී බවට කා අතරත් කතා බහට ලක් විය.ඒ ඔහු හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර යම් විරසකයක් ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරන බැවිනි.නමුත් ඇත්තම කතාව ඒ කිසිවක් නොව ඔහු මේ වන විට සිටින්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන 64 වෙනි පාර්ලිමේන්තු කාර්යාවලිය පිළිබද පුහුණු කිරීමේ සැසිවාරයට ලංකාව වෙනුවෙන් සහභාගී වීම නිසාවෙනි.










