FAST NEWS

24×7 Around the Globe

වසරේ ටෙස්ට් හා එක්දින ක්‍රීකට් කණ්ඩායම් නම් කෙරෙති – ඩිල්ෂාන්ට හා සංගාටත් වරම්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත්ව සිටිති.

ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිම ක්‍රීඩකයෙකු වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත්ව නොමැති අතර වසරේ ටෙස්ට් කණ්ඩායමටද කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඇතුළත්ව නොමැත.

වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයට දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩිවිලියර්ස් නම් කොට තිබෙන අතර ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට ඇලිස්ටෙයාර් කුක් නම්කර තිබේ.

වසරේ ටෙස්ට් කණ්ඩායම – ඩේවිඩ් වොනර්, ඇලිස්ටෙයාර් කුක් (නායක), කේන් විලියම්සන්, යුනිස් ඛාන්, ස්ටීවන් ස්මිත්, ජෝ රූට්, සෆ්රාස් අහමඩ් (කඩුලු රකින්නා),  ස්ටුවර්ට් බ්‍රෝඩ්, ට්‍රෙන්ට් බෝල්ට්, යසීර් ෂා, ජොස් හැසල්වුඩ්, රවිචන්ද්‍රන් අශ්වින් (12 වැනි ක්‍රීඩකයා)

වසරේ එක්දින කණ්ඩායම – තිලකරන්ත ඩිල්ෂාන්, හෂීම් අම්ලා, කුමාර් සංගක්කාර, ඒ.බී. ඩිවිලියර්ස් (නායක), ස්ටීවන් ස්මිත්, රොස් ටේලර්, ට්‍රෙන්ට් බෝල්ට්, මොහාමඩ් සාමි, මිචෙල් ස්ටාර්ක්, මුෂ්ටෆීර් රෙහෙමාන්, ඉම්රාන් තාහිර්, ජෝ රූට් (12 වැනි ක්‍රීඩකයා)