FAST NEWS

24×7 Around the Globe

අයවැයේදී එන්නේ 6ක් නෙවෙයිලු?

රජයේ මංගල අය වැයේ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් හතර දෙනෙකු මේ වනවිට සුදානමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමේ දී විරුද්ධව ඡන්දය ලබා දුනහොත් ඔවුන් මෙම පියවර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමුවීමට නියමිතව සිටි අතර එම හමුවීමේදි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත වුණා.