කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරියක කලල්ගොඩ සිය නිවසේ කාමරයක විදුලි පංකාවක ගැටගැසූ නයිලෝන් ලණුවක එල්ලී දිවි නසාගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි.
පෙරේදා (30) රාත්‍රි මෙලෙස දිවි නසාගෙන ඇත්තේ තලංගම, කලල්ගොඩ, වීර මාවතේ පදිංචිව සිටි කලනි බුද්ධිමා ජයසිංහ නමැති 36 හැවිරිදි වෛද්‍යවරියකි. ඇයට මාස 7 හා අවුරුදු 4 වයසේ පසුවන පුතුන් දෙදෙනකු සිටින බව ද පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරියගේ සැමියා ද කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. ඇය අවසන් වරට ලියන ලද ලිපියක් හමුවී ඇතැයි ද එම ලිපියේ “දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ප්‍රසව ආතතිය නිසා තවදුරටත් විඳ දරාගත නොහැකිය” යනුවෙන් සඳහන් වී තිබූ බව ද පොලිසිය පවසයි.
කලල්ගොඩ නිවස වසා දමා මෙම වෛද්‍යවරිය, ඇගේ සැමියා හා දරු දෙදෙනා සමඟ වැඩි වශයෙන්ම සිට ඇත්තේ ගම්පහ මවගේ නිවසේය. සිද්ධිය වූ පෙරේදා මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කර දහවල් 1.35 ට පමණ තලවතුගොඩ නිවසට යන බව සිය සැමියාට එස්. එම්. එස්. පණිවුඩයක් මගින් දැනුම් දී ඇත. සිය බිරිඳ ගම්පහ මහ ගෙදරට එන්නට රෑ බෝවීම ගැන සැක සිතූ එම වෛද්‍යවරයා කලල්ගොඩ නිවසට ගොස් තිබේ. නිවසේ දොර ඇර කාමරයට ගොස් බැලීමේදී බිරිඳ විදුලි පංකාවේ එල්ලී සිටිනු දුටු ඔහු මේ ගැන ප්‍රදේශවාසීන්ට හා පොලිසියට දැනුම් දී තිබේ.
කඩුවෙල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය. දිවි නසාගත් වෛද්‍යවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (01) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව තලංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.