FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් සමාගමේ කොටස් මුදාහරි.

ෆේස්බුක් සමාගමේ තමාට සහ බිරිඳට හිමි කොටස්වලින් සියයට 99ක් මුදා හැරීමට ෆේස්බුක් නිර්මාතෲ මාර්ක් සකර්බර්ග් තීරණය කර තිබෙනවා. එ් පුණ්‍යාධාර කටයුතු වෙනුවෙන්. එම කොටස්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 45කට අධිකයි.

සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ වන පි‍්‍රස්සිලා චෑන් පවසා ඇත්තේ අලූත උපන් සිය දියණිය වෙනුවෙන් මෙලෙස ආධාර වශයෙන් සිය කොටස් මුදාහරින බවයි. සිය දියණියට ජීවත්වීමට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මැක්ස් ලෙස නම් තබා ඇති ඔවුන්ගේ දියණිය උපත ලබා ඇත්තේ මීට සතියකට පෙරයි. එහෙත් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ එ් පිළිබඳ නිලවශයෙන් නිවේදනය කළේ අඟහරුවාදා දිනයේදී වීම විශේෂත්වයක්.

මාර්ක් සකර්බර්ග් විසින් සිය තීරණය පිළිබඳ නිල ෆේස් බුක් ගිණුමේද සටහනක් තබා තිබෙනවා. එම සම්පූර්ණ සටහන පහතින් බලන්න.

max