සොම්නසින් පිරුණු සොඳුරු විවාහ දිවියක් යනු විවාහපත් වන සියලු යුවතිපතීන් ගේ සිහිනයයි.
එහෙත් ජීවන මංපෙතේ මුහුණදීමට සිදුවන හැල හැප්පීම් මැද විවාහ දිවියේ සුන්දරත්වය සැමදා රැකගැනීමට ඔවුන් සියළුදෙනාටම හැකි නොවේ.
පසුගිය දිනෙක ට්විටර් වෙත එක්කරන ලද ඡායාරූපයක් සමග ජනප්‍රිය බොලිවුඩ් නිළියක් හා හිටපු රූරැජිනක් වන ලාරා දත්තා සොඳුරු විවාහ දිවියක් ගෙවීමේ රහසක් හෙළි කර තිබේ.
එම ඡායාරූපයේ සිටින්නේ ලාරා හා ඇගේ සැමියා වන සුප්‍රකට ටෙනිස් ක්‍රීඩක මහේෂ් භූපති ය. තමා ඉදිරියේ දෑත් එක්කර හිස නමා සිටින මහේෂ් ට ලාරා ආශිර්වාද කරන මෙන් සිටින අයුරු මෙම හාස්‍යමය ඡායාරූපයේ දැක්වේ.
සතුටින් පිරි විවාහ ජීවතයක් රහස මෙයැයි ලාරා පවසා තිබේ.








