FAST NEWS

24×7 Around the Globe

අළු බදුන ලංකාවටත්?

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර “අළු බදුන” වැනි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා පාකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් මහතා යෝජනා කර තිබෙනවා.

පාකිස්තාන තානාපතිවරයා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වුණා.

ඕස්ට්‍රේලියව හා එංගලන්තය අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන “අළු බදුන” තරගාවලිය වඩාත් වැදගත් වන අතර එහි ලක්ෂණ මෙම තරගාවලියට ඇතුළත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

රටවල් දෙකක් අතර වඩාත්ම උත්සවශ්‍රීයෙන් පවත්වන්නා වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස මෙය සැලකෙනවා.මෙහිදී දෙරට අතර ටෙස්ට් තරග 5ක් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා සහාය ලබාදීමට ද පාකිස්තානු රජය මේ වන විට එකඟ වී ඇති අබවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.