FAST NEWS

24×7 Around the Globe

අද සවස පාර්ලිමේන්තුව උණුසුම් වන ලකුණු.ආණ්ඩුවට පනින ගණන මෙන්න.

පසුගිය මහමැතිවරණයෙන් පසුව එජාප-ශ‍්‍රීලනිප හවුලටද එක්නොවී විපක්ෂයේ අසුන් ගත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු අද සවස පාර්ලිමේන්තුවේ පවත්වන්නට නියමිත අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂයෙන් ආණ්ඩුවට කරනම් ගැසීමට නියමිතය.

මේ ගැන රහසිගත සාකච්ඡා සියල්ල මේ වනවිට නිමාවට පත්ව ඇති බවත් ඔවුනගේ පිල් මාරුව ස්ථිර බවත් දේශපාලන ආරංචි සඳහන් කරනවාග අද දවස පුරාම ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ
කාලය ගත කරන බවත් අයවැයට පක්ෂව ඡන්දය දීමට පෙර එම 6 දෙනා අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ හමුවී ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහය දෙනු ඇති බවත් වාර්තා වනවා.
පිල්මාරුව සිදුවනතුරු මෙම පිරිස කවුරුන්ද යන්න නම් වශයෙන් හෙළි නොකරන්නට ඒ හා සම්බන්ධ අය අවසන් දිනය දක්වාම වග බලාගෙන තිබුණ නමුත් අපට වාර්තාවන ආකාරයට මේ අය අතරින් තිදෙනෙකුම මින් ඉහත එජාපයේ සිට මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා පිල්මාරු කළ අයයි
එම එජාප තිදෙනාගෙන් එක් අයෙකු වන්නේ මහනුවර නියෝජනය කරන කෙහෙළිය රඹුක්වැල්ල බවත් තවත් අයෙකු බදුල්ල නියෝජනය කරන උදිත් ලොකු බණ්ඩාර බවත් තෙවැනියා ගාල්ලේ නමගිය තරුණ මන්ත‍්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර බවත් වාර්තා වනවා.
ඉතිරි තිදෙනා ගැන වැඩි තොරතුරු තවම අපට සොයාගන්නට අපහසුවී ඇති අතර ඒ අය අතර සබරගමුව නියෝජනය කරන පුද්ගලයෙකු සිටින බවද වාර්තා වුණා.