FAST NEWS

24×7 Around the Globe

උපතින් දෙපා අහිමි මෝස්‌තර නිරුපිකාව..

තමන්ට ඇති දේ ගැන සතුටු වීම පසෙක ලා, තමන්ට නැති දේ ගැන තැවෙන මිනිසුන් හට ආදර්ශයක් වෙමින් උපතින් ආබාදිත තරුණියක් මේ වන විට විලාසිතා ලොවේ සියලු සාම්ප්‍රදායික අදහස් වෙනස් කිරීමට සමත් වී ඇති පුවතක් පසුගියදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා විය.

උපතින් දෙපා අහිමි මෝස්‌තර නිරුපිකාවක් වන, විසි-තුන් හැවිරිදි කන්යා සේසර් (Kanya Sesser),කාන්තාවන් සඳහා නිර්මාණිත යට-ඇඳුම් නිරුපිකාවක් ලෙස කටයුතු කරන අතර ඇය එක් දිනකට ඇමරිකානු ඩොලර් දාහක් පමණ තම වෘත්තීයෙන් උපයන බවට වාර්තා වේ.

තායිලන්තයේ අනාථ නිවාසයක හැදී වැඩුනු ඇය, වයස අවුරුදු පහේදී ඇමරිකාවේ පෝර්ට්ලන්ඞ්, ඔරිගන් හී පදිංචි පවුලක් විසින් හදා වඩා ගැනීමට ඉදිරිපත් වී ඇත.

වයස අවුරුදු පහළොවේදී, ක්‍රීඩා නිරුපිකාවක් ලෙස තම වෘත්තීය ආරම්භ කල ඇය, පසුව කාන්තා පිහිනුම් ඇඳුම් සහ කාන්තාවන් සඳහා නිර්මාණිත යට-ඇඳුම් නිරූපනය සඳහා යොමු වී ඇත.

නිරූපන ක්ෂේත්‍රයේ මෙන්ම, ක්‍රීඩාවටත් එකසේ දස්කම් දක්වන ඇය මේ වන විට 2018 ශීත ඍතු පැරාලිම්පික් තරඟාවලිය සඳහා පුහුණු වීම් වල නිරත වන බවට වැඩි දුරටත් වාර්තා වේ.