FAST NEWS

24×7 Around the Globe

මහින්ද වෙනුවෙන් නැවතත් පවිත්‍රා තම නිවස ඔට්ටුවට…..

පසුගියදා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරවීම සඳහා බළන්ගොඩ පැවති ජන හමුවේදී කතාවක් පැවැත්වීම ආරම්භ කරද්දී ජනතාව මහ හඬින් හූ තියමින් ඝෝෂා කරන්නට වූහ.

එකී බාධා කිරීම් හමුවේ කතාව පැවැත්වූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය-

‘අනේ දෙයියෝ මං ඔයාලට එරෙහි වුණේ නෑ. ද්‍රෝහි වුණෙත් නෑ. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලා යන්නේ නෑ. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්න දිවිහිමියෙන් කැපවී ක‍්‍රියාකරනවා.ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ අගමැති කරනවාමයි. මේ ආණ්ඩුවේඇමතිකමක් ගත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් නිසයි. ගිය මැතිවරණයේදී මහින්ද දිනවන්න මම විශාල කැපකිරීමක් කළා. මගේ ගෙදරත් ඔට්ටු ඇල්ලූවා. ඉදිරි මැතිවරණයේදීත් මහින්ද දිනන බවටත් අපි ආණ්ඩුවක් පිහිටුවන බවටත් නැවතත් මගේ නිවස ඔට්ටු අල්ලනවා