FAST NEWS

24×7 Around the Globe

විපක්‍ෂයේ කී දෙනෙක් ඇත්තටම ආණ්ඩුවට යනවාද? මහින්ද රාජපක්‍ෂ ප්‍රතිචාර දක්වයි.

මට පක්‍ෂව ඉන්න දේශපාලනඥයන්ට විරුද්ධව බොරු චෝදනා කරලා ඒ අය නඩුවල පටලවලා ආණ්‌ඩුවට ගන්න උත්සාහ කරනවා. ඒත් මින් ඉදිරියට විපක්‍ෂයේ ඉන්න කිසිම දේශපාලනඥයෙක්‌ ආණ්‌ඩුවට එකතු වෙන්නේ නැතැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින පුවත් පතට ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කර ඇත.

ආණ්‌ඩුව පැත්තට යන කට්‌ටිය දැන් ගිහිල්ලා ඉවරයි. ආණ්‌ඩුව දැන් බොරුවට කියනවා අරයා එනවා මෙයා එනවා කියලා. ඒත් මින් ඉදිරියට කිසිම කෙනෙක්‌ ආණ්‌ඩුවට සහයෝගය දෙන්න එන්නෙ නැහැ. මට සහාය දෙන අයට ආණ්‌ඩුව පැත්තට හරවා ගන්න ඒ අය ලොකු උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒක පලක්‌ වෙන්නේ නැතැයි මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.