FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවට අභියෝග කල හැකි චීන අවියක්.

ඇමරිකානු මිසයිල ආරක්‍ෂණ පද්ධති පරාජය කිරීමේ අරමුණින් චීනය විසින් නිෂ්පාදනය කළ ශබ්දයේ වේගයට අධික ග්ලයිඞ් රථයේ 6 වන අත්හදා බැලීම සාර්ථක ලෙස සිදුකර ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු මාධ්‍යවේදී බිල් ගර්ට්ස් පවසා ඇත්තේ DF-ZF යනු ප‍්‍රතිග‍්‍රාහක මිසයිල පදනම් කරගත් ගුවන් ආරක්‍ෂණ පද්ධති පරයා යා හැකි අති අධිවේගී මිසයිලයක් වන බවයි.

මධ්‍යම චීනයේ ශැංසි ප‍්‍රාන්තයේ පිහිටා ඇති වුෂායි පරීක්‍ෂණ මධ්‍යස්ථානයෙන් DF-ZF ග්ලයිඞ් රථය නිකුත් කර ඇති අතර එය පළමුව බැලස්ටික් මිසයිලයක ආධාරයෙන් වායුගෝලයේ කෙළවරට රැගෙන ගොස් තිබේ.

ඉන්පසුව බැලස්ටික් මිසයිලයෙන් මිදුණු DF-ZF අවිය කිලෝමීටර් දහස් ගණනකට ඔබ්බෙන් බටහිර චීනයේ පිහිටි ඉලක්කයක් වෙත ගමන් කර ඇත.

මෙලෙස අභ්‍යවකාශය හා වායුගෝලයේ කෙළවර දක්වා කිලෝමීටර් 100ක් පමණ රැගෙන යාමෙන් පසුව මෙම අවිය වායුගෝලය මත ලිස්සා යමින් ශබ්දයේ වේගය මෙන් 6-10 ගුණයක අතර වේගයක් අත් කරගන්නා බව පැවසේ.

ගර්ට්ස් පවසා ඇත්තේ පරීක්‍ෂණය ඇමරිකානු බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණය කළ අතර එය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයකට අධික වේගයකින් ගමන් කළ බවයි.

DF-ZF සන්නද්ධ කරනු ලබන්නේ සාම්ප‍්‍රදායික අවි හිසකින්ද න්‍යෂ්ටික අවි හිසකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි වාර්තා වේ.