FAST NEWS

24×7 Around the Globe

ජර්මන් ඔලිම්පික් සත්කාරවයට ජනමත විචාරණයක් එරෙහි වෙයි.

වසර 2024 ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලි සඳහා සත්කාරක නගරය ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජර්මනියේ හැම්බර්ග් නගරවාසීන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (29) දින ජනමත විචාරයක් පැවති අතර, හැම්බර්ග් හා ඊට නුදුරින් පිහිටි කියෙල් නගරයේ වැසියන් 51.7% මීට එරෙහිව සිය අකමැත්ත පළ කර තිබේ.

ජර්මන් ඔලිම්පික් නිලධාරීන් විසින් සිය රටේ සත්කාරක නගරය ලෙස යෝජනා කර තිබුනේ හැම්බර්ග් නගරයයි.

මේ සම්බන්ධයෙන් හැම්බර්ග් නගරාධිපති ඕලාෆ් ස්කෝල්ස් පවසා තිබුනේ ජනමත විචාරයෙන් ලැබී තිබුනේ අවශ්‍ය වූ තීන්දුව නොවුනත්, එම තීන්දුව පැහැදිලි බවයි.

මේ අනුව, 2024 ඔලිම්පික් සත්කාරකත්වය සඳහා තරග කරන නගර අතර ඉතිරිව සිටින්නේ ඉතාලියේ රෝමය, ප්‍රංශයේ පැරිසිය, හංගේරියාවේ බුඩපෙස්ට් හා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් පමණි.

වසර 2024 ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලි සඳහා සත්කාරක නගරය තෝරාගනු ලබනුයේ 2017 සැප්තැම්බර් මාසයේදී ය.

ඔලිම්පික් තරගාවලියක් අවසන් වරට ජර්මනියේදී පැවැත්වුනේ වසර 1972දී මියුනික් නගරයේ දීය.