FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමියන් අවසන් වරට රනිල් සමග කිව්වේ මොනවාද?

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජීවිතයේ අවසන් දින කිහිපයේ දැඩි ලෙස අසාධ්‍යව සිංගප්පූරු රෝහලට රැගෙන යන්නට ප‍්‍රථම අගමැති රනිල් හමුවූ අවස්තාවේ පැවසූදේ ගැන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නව කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සතිඅන්ත ලක්බිම පුවත්පතට හෙළි කර තිබුනේ මෙසේය.

මේ රටේ යහපත් ආණ්ඩුකරණයක් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක මේසයක වාඩිවී ගැටුමකින් තොරව කටයුතු කිරීම උන්වහන්සේට අවශ්‍ය වුණා. සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළේ් මතුවන යම් යම් ගැටලූ නිරාකරණය කරගැනීම අවශ්‍යයි. මේ දෙදෙනා අතර මතභේදයක් ගොනැගුණොත් එය රටට අහිතකර බව උන්වහන්සේ විශ්වාස කළා. උන්වහන්සේ සිංගපූරුවට ගෙන යාමට ප‍්‍රථම අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී පැවැසුවේ ජනාධිපතිවරයා සමග එක්ව රටට යහපත් අනාගතයක් ගොඩනැගීමට කැපවීමෙන් කටයුතු කරන්න කියලයි. කොමිෂන් සභා පත් කරලා නීතිය යුක්තිය වෙනුවෙන් කැපවෙන්න කියලා ඉල්ලා සිටියා. සෝභිත හිමියන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවකම තිබූ අදහස වූයේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමයි. ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව දක්වා එය අපි දුටුවා. අපි හමුවූ කිසිදු අවස්ථාවක පුද්ගලික කටයුතු පිළිබද කිසිදු කතිකාවක් ගොඩනගා නැහැ. රටේ යහපත වෙනුවෙන් කළ හැකි දේ කරන්න කියලා තමයි උන්වහන්සේ සැම විටම පැවැසුවේ.