එළැඹෙන පකිස්තානු සුපර් ලීග් තරගාවලිය (PSL) සඳහා එක්වන පුහුණුකරුවන් අතරට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය හාඑක් වන බව වාර්තා වේ.
මේ බව ඊයේ (26) දිනයේදී පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මීට කලින් මෙම තරගාවලියේ පුහුණුකරුවන් අතරට ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ද එක්වන බව පවසා තිබුණි.
පළමු වරට පැවැත්වෙන පකිස්තානු සුපර් ලීග් තරගාවලිය 2016 පෙබරවාරි 04 -24 දක්වා සාජා හා ඩුබායි හි දී පැවැත්වෙන අතර මේ සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වීමට නියමිතය.






