සෞදි අරාබිය මගින් එක්දිනක් තුළදී පුද්ගලයන් 50 කට වැඩි පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල නිරත වූ පිරිසකට ද මෙහිදී ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
අල් රියාද් වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පළ වී තිබූ වාර්තාව දැන් ඉවත් කර ඇති බව ද සෞදි පුවත්පතක් වන ඔකාස් සඳහන් කළා.
කෙසේ නමුත්, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බවයි.







