FAST NEWS

24×7 Around the Globe

සෞදි අරාබිය සමුහ මරණ දඬුවමකට සැරසෙයි.

සෞදි අරාබිය මගින් එක්දිනක් තුළදී පුද්ගලයන් 50 කට වැඩි පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල නිරත වූ පිරිසකට ද මෙහිදී ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

අල් රියාද් වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පළ වී තිබූ වාර්තාව දැන් ඉවත් කර ඇති බව ද සෞදි පුවත්පතක් වන ඔකාස් සඳහන් කළා.

කෙසේ නමුත්, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බවයි.