FAST NEWS

24×7 Around the Globe

ලොව ප්‍රකට Red bull සමාගමේ හිමිකරුවෙකු අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව ප්‍රකට ශක්ති ජනක පානයක් වන Red bull සමාගමේ සම හිමිකාරිත්වය දැරූ 78 වන වියේ පසු වු ඩීට්‍රිච් මැම්ස්චිට්ස් (Dietrich Mateschitz) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1944 මැයි 20 වන දින ඔස්ට්‍රියාවේ උපත ලද Dietrich Mamschitz 1984 දී Red Bull ශක්තිජනක පානය නිෂ්පාදනය ආරම්භ කළ අතර ඔහු Formula One මෝටර් රථ ධාවන ලෝලියෙකු ලෙස සැලකේ.

ඒ සඳහා ඇති ආශාව නිසාම රෙඩ්බුල් සමාගම පිහිටුවා වසර 20කට පසු ජගුවාර් ෆෝමියුලා වන් කණ්ඩායම මිලදී ගෙන එය රෙඩ්බුල් රේසිං ලෙස පවත්වාගෙන යාමට තීරණය කළේය.