FAST NEWS

24×7 Around the Globe

තිළිණිගේ බි.3ක් තිබී හිස්වූ ගිණුම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට අයත් ගිණුමට මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර එසේම මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ඇයට ලබා දී ඇති බවත්, ඔවුන් කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය ඉදිරියේ ඊයේ (19) කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

සැකකාරියගේ ජංගම දුරකතනයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම කරුණු අනාවරණය කරගෙන ඇත. ඇය දේශපාලනඥයන්ගේ මුදල් නැවත ලබාදීම මග හරිමින් සිටින බවට සහ සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.