FAST NEWS

24×7 Around the Globe

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වන විට ඉවත් කර තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දී පීලි පැනීමට ලක්වූයේ ඊයේ රාත්‍රියේ යි.

මේ නිසා කන්කසන්තුරෙ යි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගල දක්වා ද සීමා කර තිබුණා.