FAST NEWS

24×7 Around the Globe

සත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිතය තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී විකිණීම හෝ භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(b)(ii) වගන්තියට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය ජුනි 24වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදාහරින්නෙකුට සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී ඍජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.