FAST NEWS

24×7 Around the Globe

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

(ෆාස්ට් නිව්ස් |බූකිනා ෆාසෝ ) – බූකිනා ෆාසෝ රාජ්‍යයේ නැවතත් හමුදා කුමන්ත්‍රණයකින් බල පෙරළියක් සිදුකර තිබේ.

එහිදී හමුදා කපිතාන්වරයෙක් වන ඉබ්‍රාහිම් ට්‍රැඕරේ එහි නව නායකයා බව වාර්තා විය.

කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රැඕරේ ඇතුළු හමුදා කණ්ඩායමක් පසුගිය සිකුරාදා එරට බලය අල්ලාගත් අතර ඔවුන් පවසන්නේ ජනාධිපති පෝල් හෙන්රි ඩමිබාගේ ඉල්ලා අස්වීම භාරගත් බවය.

එමගින් රට තුළ ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය පාලනය කළ හැකි බව ඔවුන් පැවසීය.

ජනාධිපති පෝල් හෙන්රි ද හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර එරට පැවති රජය පෙරළා බලය අල්ලා ගත්තේය.