FAST NEWS

24×7 Around the Globe

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

(ෆාස්ට් නිව්ස් | යුක්‍රේන) – යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගමන්ගත් මෝටර් රථය එරට අගනුවර මාර්ගයකදී අනතුරකට ලක්වී තිබේ.

ගැටුම් පවතින ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක් නිමවා නැවත පැමිණෙමින් සිටියදී ඔහු ගමන්ගත් වාහනය වෙනත් වාහනයක ගැටී තිබුණි.

එම අනතුර හේතුවෙන් ජනාධිපතිවරයාට බරපතළ තුවාල සිදුවී නොමැති අතර අනෙක් වාහනයේ රියදුරාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ.

එහෙත් එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා විය.