FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.4ක ප්‍රභල භූකම්පනයක්

(ෆාස්ට් නිව්ස් |  ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බව විදෙස් මාධ්‍ය පවසයි.

එය ඊයේ (29) එම කලාපයට බලපෑ තෙවන භූ කම්පනය ලෙස සඳහන් වේ.

ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නොමැති අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරින් කටයුතු කර ඇත.