(ෆාස්ට් නිව්ස් | ඝානා) – ඝානාවේ ඇක්‍රා සත්වෝද්‍යානයේදී සිංහයෙකුගේ ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා සිංහ කොටුවේ ආරක්ෂක වැටෙන් පැන එයට ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් පසු එක් සිංහයෙකු විසින් ඔහුට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සඳහන් වේ. පසුව ඔහු රෝහලේදී මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුර සිදුවන අවස්ථාවේ සිංහ දෙනුව සහ පැටවුන් දෙදෙනෙකු එහි සිට ඇත.









