FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පිනී ජැකලින් තම වත්කම් නිදහස් කරන ලෙස ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ලැබුවා. ඒ අනුව 36 හැවිරිදි රංගන ශිල්පිනිය සතු වත්කම් මෙම වසරේ අප්‍රේල් මාසයේදී තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඇය පවසා ඇත්තේ සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ඇයව උගුලකට හසුකරගෙන ඇති බවයි. කෙසේවෙතත් මේ වනවිට ED විසින් ඇයගේ INR කෝටි 7.2 ක් වටිනා ස්ථාවර තැන්පතු සඳහා තාවකාලික වාරණයක් පනවා තිබෙනවා. තවද ඇය බලධාරීන්ගෙන් තම වත්කම් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කොට තිබෙනවා.

වැඩිදුරටත් ඇය බලධාරීන් හමුවේ පවසා ඇත්තේ චන්ද්‍රසේකර් විසින් ඇයට යම් ත්‍යාග බලහත්කාරයෙන් ලබාදුන් බවයි. එම ත්‍යාග ප්‍රතික්ෂේප කළත් ඒවා ගේට්ටුවෙන් පිටත තබා යන බවද ඇය පවසා තිබෙනවා.

මෙලෙස ලබාදුන් භාණ්ඩ අතර Gucci සහ Chanel වෙතින් නිර්මාණය වූ බෑග් තුනක්, ජිම් ඇඳීම සඳහා Gucci ඇඳුම් දෙකක්, Louis Vuitton සපත්තු යුගලයක්, දියමන්ති කරාබු යුගල දෙකක්, බහු-වර්ණ ගල් වළලු දෙකක්, මිනි කූපර් මෝටර් රථයක් සහ හර්මීස් බ්‍රේස්ලට් දෙකක් වන බව සදහන්. කෙසේවෙතත් ෆර්නැන්ඩස් ඒවා ආපසු ලබාදුන් බවද පවසා තිබෙනවා.