FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවන දිනය මෙන්න..

 

මේ වනවිට කාගේත් කතා බහට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තුව විසුරවන දිනය පිළිබදවය.20 සංශෝදනයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරවනවාද නැත්නම් ඊට ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව විසුරනවා ද මේ වනවිට කාගේත් කුතුහලය වී ඇත.එමෙන්ම මේ සම්බන්ධව මෛත්‍රි පාර්ශවය හා රනිල් පාර්ශවය අතර සීතල ගැටුමක් නිර්මාණය වී ඇති බව සතිඅන්ත පුවත්පත් රාශියක් වාර්තා කළේය.

නමුත් මෙවන විට ලැබී ඇති තොරතුරු අනුව මෙම පර්ශවයන් යම් එකගතාවයකට පැමිණ ඇත.එනම් ජුනි 2 මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැර
මහමැතිවරණයට යාම පිළිබදවය .

මෙහි සත්‍යතාව පිළිබද අප එජාප පාර්ශවයෙන් විමසා සිටි නමුදු ඔහු මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටි නමුත් මෙම තොරතුරු ප්‍රතිෂේප කිරීමක්ද සිදු නොකළේය.