FAST NEWS

24×7 Around the Globe

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රුවන්ඩාවේ දී ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –    2022 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රුවන්ඩාවේ කිගාලි නුවරදි අද(24) ආරම්භ විය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර් ය ජී.එල්. පීරිස් මහතා ද ඊට සහභාගී වී සිටියි.

මෙම උත්සවය නිල වශයෙන් ආරම්භ කිරීම අද සිදුකෙරුණි.

ඉන් අනතුරුව අද(24) සහ හෙට(26) යන දෙදින තුළ දී රාජ්‍යයන් නියෝජනය කරමින් ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.

ලොව දුප්පත්ම ජනතාවට ආහාර සපයන වරායන් අවහිර කරන බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට චෝදනා කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආරම්භයේදී ජොන්සන් සිය ප්‍රකාශයේ දී, “පුටින්ගේ අභිප්‍රායන් විසින් ලෝකයට එල්ල කර ඇති තර්ජනය විසඳීමට” එකට වැඩ කරන ලෙස ද ඉල්ලා සිටියේය.