FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ දැඩි පීඩාවට පත්ව සිටින ඇෆ්ගනිස්තානය සදහා ආධාර සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.

පසුගියදා එරට ඇතිවූ රිච්ටර් මාපක 6.1ක භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් මිය ගොස් තිබේ. එයින් 1,500කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඩා වැටුණු ගොඩනැගිලි සහ මඩ තට්ටුවල තවත් බොහෝ පිරිසක් යටවී සිටින බවට සැක කෙරේ.

එසේම මිය ගිය පිරිස තව දුරටත් ඉහළ යා හැකි බව පෙන්වා දෙන එරට වෛද්‍යවරුන් සදහ් කරනුයේ එම පිරිස අතර වැඩි සංඛ්‍යාවක් දරුවන් සිටිය හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර ඇත්තේ විපතට පත් ජනතාවට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර යන හදිසි ආධාර ලබා දීමට මේවන විටත් පියවර ගෙන ඇති බවය.