FAST NEWS

24×7 Around the Globe

චීනයේ බෙයිජිං නුවරින් යළිත් කොවිඩ් ආසාදිතයින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ බෙයිජිං නුවර යළි කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

චීන බලධාරීන් පවසන්නේ බෙයිජිං අගනුවරින් හමුවූ නවතම කොවිඩ් ආසාදිතයින් 166දෙනාට නගරයේ අවන්හලකදී වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම අවන්හල පිහිටි ප්‍රදේශයේ වෙසෙන සියලුම නිවැසියන් ඉදිරි දින තුන තුළ පරීක්ෂාවට ලක් කෙරේ.

නගරයේ ආසාදිත සංඛ්‍යාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අඩු වුවත් චීනයට එය ඉහළ අගයක් ලෙස සැලකේ.

කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමත් සමඟ සියයට අධික පිරිසක් වාසය කරන ගොඩනැගිලි දෙකක් නිරෝධායනය කර ඇත.