FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 17ක් මරුට – 50කට තුවාල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 17දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාර නගරයක් වන ටබාස් අසල අද අලුයම් කාලයේ දී මෙම පීලි පැනීම සිදුව තිබේ. ගිලන් රථ සහ හෙලිකොප්ටර් සහිත ගලවාගැනීමේ කණ්ඩායම් එම ප්‍රදේශයට පැමිණ ඇත.

දුම්රියේ ගමන්ගත් මගීන් සංඛ්‍යාව 350කි. පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණ කර ගෙන නොමැත.

දුම්රිය, මැදි 07කින් සමන්විතවන අතර ඉන් මැදිරි 04ක් පෙරළී ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සදහන් වේ.