(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු ජයග්‍රහණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 211ක් හිමිව ඇති අතර ඔහුට එරෙහිව ඡන්ද 148ක් හිමි වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමත් සමග බොරිස් ජොන්සන්ට වසරක කාලයක් සඳහා කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය ද ස්ථීර වී තිබේ.
විශ්වාසභංගය පරාජයට පත්වුව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජනතාව සිය අප්‍රසාදය පළකර ඇති බව විපක්ෂය කියා සිටියි.









