FAST NEWS

24×7 Around the Globe

මොනාලිසාට කේක් ප්‍රහාරයක් !

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව අග්‍රගන්‍ය සිතුවමක් වන මොනාලිසා සිතුවමට පුද්ගලයෙකු විසින් කේක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවමක් වන මෙය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබුනි.

කාන්තාවක් ලෙස හැඳපැළදගත් පුද්ගලයෙකු රෝද පුටුවක නැගී පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් වෙඩි නොවදින අධික ආරක්ෂිත වීදුරුවකින් ආවරණය කර ඇති මෙම චිත්‍රයට ප්‍රහාරයෙන් කිසිඳු හානියක් සිදුව නොමැත.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු එම පුද්ගලයා පෘථිවිය ගැන සිතන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර තිබේ.

1503 වසරේ ලියනාඩෝ ඩිවින්චි සිතුවම් කළ මෙය, ලොව අග්‍රගන්‍ය හා වටිනාම සිතුවමක් ලෙස සැලකේ.

ප්‍රහාරය එල්ල කළ 36 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මානසික ආබාධ සහිත පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ඒකකයක් වෙත රැගෙන ගොස් තිබේ.

1956 දෙසැම්බර් මාසයේ දී බොලිවියානු ජාතියෙක් විසින් මෙම සිතුවමට ගලක් විසි කිරීමෙන් මොනාලිසාගේ වම් වැලමිටට හානි වූ සිට මෙලෙස ආරක්‍ෂිත වීදුරුවකින් ආවරණය කිරීමට පියවර ගැණුනි.

එසේම 2005 වර්ෂයේ දී මෙහි උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කිරීමට ද කටයුතු කර ඇත.

මේ අතර 2009 වසරේ දී රුසියානු කාන්තාවක් විසින් මෙම චිත්‍රය වෙත හිස් තේ කෝප්පයක් විසි කළ අතර එහිදී එය තරමක් සීරීමට ලක් විය.