FAST NEWS

24×7 Around the Globe

වඳුරු උණ වෛරසය ගැන WHO නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වඳුරු උණ වෛරසය අප්‍රිකාවෙන් පිටත රටවල වසංගතයක් ලෙස පැතිරීම පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

වඳුරු උණ වෛරසය ආසාදිතයන් 100 කට අධික සංඛ්‍යාවක් මේ වන විට යුරෝපය, ඇමරිකානු මහද්වීපය සහ ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇති බව සදහන්.

එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි වුවද පුළුල් ජන කොටසකට එය පැතිරීමේ අවදානම අවම මට්ටමක පවතින බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙය පාලනය කළ හැකි වාතාවරණයක් බවයි.