FAST NEWS

24×7 Around the Globe

දිනකට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආසාධිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගියද රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් බලාත්මක නීති ලිහිල් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

මේ අනුව ගුවන් ගමනට පෙර සිදුකරන කොවිඩ් පරීක්ෂණ රෙගුලාසි ලිහිල් කර ඇති අතර කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වී ඇති පුද්ගලයන් රටට පැමිණිමෙන් පසු බලාත්මක නිරෝධායන නීති ද සංශෝධනය කර තිබෙනවා.

ඊයේ නිකුත් කල දත්ත අනුව බි්‍රතාන්‍යයේ සෑම 15 දෙනෙකුගෙන් අයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර පසුගිය සතිය පුරාම එරටින් ලක්ෂ 02 ඉක්මවූ ආසාධිතයන් වාර්තා වුණා.