FAST NEWS

24×7 Around the Globe

තවත් බෝට්ටු අනතුරක් – 29ක් මිය යයි

(ෆාස්ට් නිව්ස් |  නයිජිරියාව) – උතුරු නයිජිරියාවේ කැනෝ ප්‍රාන්තයේ වටරි වේල්ලේ බෝට්ටුවක් පෙරලී සිදු වූ අනතුරකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, අනතුරට ලක්වූ බෝට්ටුවේ සිසුන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.

එහි ගමන් ගත් පිරිසගෙන් බහුතරයක් අවුරුදු 18ට අඩු සිසුන් බවට අනාවරණ වී තිබෙනවා.

අනතුරෙන් 7 දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.