FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රෝන් රටවල් 18ක් ආක්‍රමණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන 18ක් දක්වා ඉහළගොස් තිබේ.

ස්පාඤ්ඤයෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු හමුවී ඇති අතර කිසිදු විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබේ.

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානමක් මතු කරනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියි.