FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රොන් නිසා සියලුම විදේශිකයන්ට ජපානයේ දේශ සීමා වැසේ

(ෆාස්ට් නිව්ස් |  ජපානය) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් සියලුම විදේශිකයන්ට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමට ජපානය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිවේදනය කලේ හෙමට සිට එය බලාත්මක වන බවයි.

මේ අනුව මෙම මාසය මුලදී ලිහිල් කරන ලද ජපාන දේශසීමා නීති යළිත් දැඩිවනු ඇති.

නව වෛරස් ප්‍රභේදය හමුවේ සමස්ත දේශ සීමා වසා දමන ලද දෙවන රට වන්නේ ජපානයයි.

ඊශ්‍රායලයද පෙරේදා සිට සිය සියලුම දේශ සීමා වසා දැමුවේ නව ප්‍රභේදයේ අවධානම හේතුවෙනුයි.