FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රෝන් හින්දා දකුණු ආසියානු රටවල් අවදානම් මට්ටමක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් ලොව තවත් රටවල් කිහිපයකින්ම හමුවී තිබේ.

බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ඊශ‍්‍රියලය, චෙක්, ඉතාලිය යන රටවලින් ද මෙම ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත.

ඒ අනුව එම ප්‍රභේදය තව දුරටත් ඇතුළු වීම සහ පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක පියවරවල් රාශියක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරමින් දැනුම් දී ඇත්තේ මෙම ප‍්‍රභේදය පිලිබද දැඩි සැලකිල්ලෙන් සිටින ලෙසයි.