FAST NEWS

24×7 Around the Globe

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

(ෆාස්ට් නිව්ස් |  ඉන්දියාව) – තම රජය මතභේදාත්මක ගොවි නීති තුනක් ඉවත් කර ගන්නා බවත්, රට තුළ ගොවීන් සිය ජීවනෝපායට නීති බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලට පත්ව වසරක් පුරා වීදි බසිමින් පැවැත්වූ විරෝධතාවලට එකඟ වන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේය.

ඒ අනුව මෙම නීති අවලංගු කිරීමේ ක්‍රියා පටිපාටිය මේ මස පාර්ලිමේන්තුවේදී ආරම්භ කරන බව පැවසූ මෝදි, ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ ආපසු තම නිවෙස් කරා යන ලෙසයි. ඒ අනුව “අපි අලුතින් පටන් ගනිමු” යැයි මෝදි රූපවාහිනී දේශනයකදී පැවසීය.

මෝදිගේ මෙම තීරණයත් සමග නවදිල්ලියේ තදාසන්න ප්‍රදේශයේ ගොවීන් මෙම අවස්ථාව සමරනු දැකිය හැකි විය.