FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – එංගලන්තයේ ලිවර්පූල් නගරයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථයක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

මෙහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි එංගලන්ත වාර්තාවල දැක්වෙන්නේ.

පිපිරීමට ලක්ව ඇත්තේ කුලී මෝටර් රථයක්.

එහි ගමන් කළ මගියා එලෙස මියගොස් ඇති අතර කුලී රථයේ රියදුරා සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් 21, 26 හා 29 හැවිරිදි වයස් කාණ්ඩවල පසුවන්නන්.