FAST NEWS

24×7 Around the Globe

රන්ජන් නැවත රෝහල් ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දණහිසේ ආබාධයක් හේතුවෙන් ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.

රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට යොමු කිරීමෙන් පසු ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් නොවැම්බර් 16 වැනිදා නැවත සායනයට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර ඇත.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට නොවැම්බර් 10 වැනිදා ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කළ රන්ජන් රාමනායක පසුව කරාපිටිය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙලෙස කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.