FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් බිළිඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බවයි ගිනි නිවීම් අංශ සඳහන් කලේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම මියගිය බිළිඳුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසටද ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

නියමිත ප්‍රමිතීන්ට ඉදිකර නොමැති වීම හේතුවෙන් රෝහල් තුළ හටගන්නා ගිනිගැනීම් ඉන්දියාවේ සුලභ කරුණක් වනවා.

පසුගිය ඉරිදා දිනයේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක හටගත් ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.